ඇහැලියගොඩ
බස් නැවතුම
ලයිට් කනුව
යටට වෙලා,
බට නලාව වයන
වෙලේ
නුඹේ තාත්තා......,
ඒ සුමියුරු
නද අහගෙන
තාත්තගේ
ලපැත්තකින්
දෙනෙත් පියා
නිදා උන්නු
රත්තරන්
පුතේ........,
නුඹේ අම්ම
කොහි ගිහින්ද............
අකුරු නුඹට
උරුම නැද්ද..........
හිරු දෙය්යෝ
නුඹට ගේන
හෙට දවසක
…........,
කදුළු නැතිව
සිනා සෙන්න ,
මහ මග හැර
වෙනත් තැනක්,
අරුමැසියක්
නිසාම වත්
අනේ නුඹට
ලැබේවිදෝ ,
නෙතට නැගුනු
කදුළු තුළින්
බොඳ වුන නුඹේ
රුව දුටු විට
මට සිතුනා.......