පෙර දිනයක මට පිටු පෑ රහස වැටහුනා
පුංචි පුතුගෙ ඉස්කෝලෙදි ඔබව
හමු උනා...
හිරුත් සදුත් කදුලෙ හොවා
මහා කුණාටුවක් මවා
මගේ ලොවම කම්පා කල
රහස වැටහුනා...
එදා එසේ කල හේතුව හොදට වැටහුනා
මගේ පුංචි පුතු එක්කම
ඔබේ දෝණි හිනැහෙනවා
ඒ සුන්දර ළමා ලෝකෙ
අපට උරුම නෑ...
දුරින් ඉදිමු සිනහ නගමු රහස්
සගවලා