අතු පතර මහා විසල්
රුකකි නුඹ සෙවන දුන්
ඒ යටට පොදි ගැහුනු
අපි සැවොම පොඩි ඉපල්...
මහ මේඝ ගර්ජනා
අකල් වැහි වස්සනා
වස්සානෙ මහ කෝඩෙ
අපි නොතෙමි හිනැහුනා..
මග හසර නොම දන්න
පොඩි උන්ට ඔවා දෙන
එඬේරෙකු විලාසෙන්
විටක සැර වැර උනා ...
ඉතින් අද අවසරයි
සමුගන්න ඉසිඹු දී
වෙහෙසකර මේ බිමෙන්
සරතැසට අත වනා ..
දැවැන්තයානෙනි ....