Visions of Aruna
Tuesday, August 29, 2017
අප්‍රිය දෑ සුරතට ගනු කවුරුද....
අන් සතු මල් වල පහස නොපැතුවෙමි...
එකම මලක මුදු පහසම පැතුවෙමි...
එ ආ කලට මල මුකුලිත වේ නම්...
මේඝ ගර්ජනා වැහි කළු ඒ නම්....
මලට අවැසි සුව ලබනට ඉඩ දි..
ඉකි බිදිනා හද ලොවට සගවමින්..
ඉවත ඇදෙනු මිස රැදෙනු කුමකටද....
අප්‍රිය දෑ සුරතට ගනු කවුරුද....
Thursday, August 17, 2017
ආදරේ ....
උමතු දෑසේ සැලෙන ලවනේ
සෙවූ මුත් ඔබේ ආදරේ
ලෙලෙන සයුරේ
රැළි වගේමයි
ඔබෙන් ලද ඒ ආදරේ ...
මටත් හිමි නැති ....
හිමි කෙනෙක් නැති..
සසර සයුරේ ඔහේ ඇදෙනා
ඉසිඹුවක ලද ආදරේ ....
ඉසිඹුවක ලද ආදරේ ....
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)