Saturday, February 18, 2012

සන්නාලි පැතුම

නූල් කෑලි රෙදි බොත්තම්
උදේ ඉදන් කිටි කිටි කිටි
මහන මැසිම මොර දෙනවා
දිගට දිගේ ටියුබ් ලයිට්
ඔලුව උඩින් දිලිහෙනවා
ගතේ සවිය දිය වෙනකම්
අපි සන්නාලියො වෙනවා

ලබන මාසෙ නම් අම්මේ
නුඹට චීත්තයක් අරන්
මල්ලිට පොත් පෑන් අරන්
තාත්තාට බෙහෙත් අරන්
ගම රට එනවා සත්තයි
ගම රට එනවා

Thursday, February 16, 2012

සක් දෙවිදුනි බලන්නේ

කිරි සුවදයි සිගිති දෝනිගේ
සියොළග හමන්නේ
ඒ සුවදට දෝ රථයේ
විදුලි රටා නටන්නේ
අම්මාගේ විරිදු සුරල්
හඩ නිම් නද නගන්නේ
ඒ නාදය නෑලවිල්ලක්
වෙලාද නුඹ නිදන්නේ
හිරිමල් විය තවම ගෙවන
නුඹේ පියා සිතන්නේ
අනාගතය ගෑනයි නුඹේ
නුඹට නෑහෑනෙ දෑනෙන්නේ
නුඹෙ අම්මා රථයෙ පෙළින්
පෙළ කහවනු නෙලන්නේ
නුඹට මිසක් ඈයට නෙවෙයි
කියලයි මට සිතෙන්නේ
සතෙන් සතේ එකතු වෙලා
ඈගෙ රබාන පිරෙන්නේ
කාසි නගන සිලි සිලි හඩ
නුඹට දිනෙක වටින්නේ
එවන් දිනෙක අම්මා වගේ
නුඹත් එයිද සිතෙන්නේ
අනේ එහෙම වෙන්න එපා
සක් දෙවිදුනි බලන්නේ…….

Thursday, February 9, 2012

අරගලය

අරගලයේ නිමාව

පෙරෙට්ටුවෙ පෝළි‍මට ගනේෂන් ඇවිත් නැහැ
තා‍ඩවන් මුරුගේසු කණ්ණම්මා ඇවිත් නැහැ
කිරි ඵරුණු තුරු අතර සුළග ‍‍වත් හැමුවෙ නැහැ
කූ‍ඩැල්ලො බඩගින්නෙ ඵ්ත් උන් හැඩු‍වෙ නැහැ
සින්න දොරෙ පෙරිය දොරෙ හමුවෙලා කසුකුසුව
මුර සෝමෙ ඵ් අසළ ගැවසු‍නේ සැක මුසුව
පැයෙන් පැය ගෙවෙන මුත් මනිය දුන් හ‍ඩ මුසුව
ඩා බින්දු සේල් පොළ ඇරුනෙ නෑ යුහුසුළුව
කොළ පාට ජිප් වලින් නිළ ඇදුම් පා වුණා
බලු රෑන බුරබුරා වරින් ‍වර සැගවුණා
හෙමි හෙමින් හෙමි හෙමින් හිරු මුහුදෙ කිමිදුණා
රැවු නැගූ ඉල්ලීම් වල සද්දෙ අඩු වුණා
උදේ සිට රිදුමි දුන් සියොළගම මැලවුණා
කුසගින්න අවි දරා සටන් බිම වැජඹුණා
පැදුරකට ගුලි වෙලා දවස අහවර වුණා

Wednesday, February 8, 2012

බේඳුරු



මහ උසයි මහ උසයි..
අතු පතර මහ ගොඩයි
බදන්නට බැරි තරම් වට ප්රමානය ලොකුයි...
මහා වස්සානයද,
නියන් සායද දෙකම
එක වගේ නොවෙනස්ව
සමසිතින් වැජඹුනයි....
ළපටි ලා දළු දමා
තව තවත් සුවිසල්ව
වැඩෙනයුරු දිස් වුනා
සෙවනදුන් බිම කඩෙහි කටු අකුල් නොවැවුනා
අතු අතර කූඩු වල කුරුලු පැටවුන් නැගූ
කිචි බිචිය පැතුරුනා
නොසැලි උන් එක් මහා වැස්සක
සුලන් කෝඩෙක දැවටිලා
වැහි වලාකුලු රවටලා
තෙත බරිත වී,
හැඩුම් ස්වරයෙන්
පෙමින් ලන්වුනු
පුන්චිත්තෙක්

මහා අරටුව රිදවලා
මහා අරටුව හිල්කලා
හෙමි හෙමින් සාරය උරා
කඳ බදාගෙන පැතිරුනා...