Saturday, February 18, 2012

සන්නාලි පැතුම

නූල් කෑලි රෙදි බොත්තම්
උදේ ඉදන් කිටි කිටි කිටි
මහන මැසිම මොර දෙනවා
දිගට දිගේ ටියුබ් ලයිට්
ඔලුව උඩින් දිලිහෙනවා
ගතේ සවිය දිය වෙනකම්
අපි සන්නාලියො වෙනවා

ලබන මාසෙ නම් අම්මේ
නුඹට චීත්තයක් අරන්
මල්ලිට පොත් පෑන් අරන්
තාත්තාට බෙහෙත් අරන්
ගම රට එනවා සත්තයි
ගම රට එනවා

No comments:

Post a Comment