Wednesday, February 8, 2012

බේඳුරු



මහ උසයි මහ උසයි..
අතු පතර මහ ගොඩයි
බදන්නට බැරි තරම් වට ප්රමානය ලොකුයි...
මහා වස්සානයද,
නියන් සායද දෙකම
එක වගේ නොවෙනස්ව
සමසිතින් වැජඹුනයි....
ළපටි ලා දළු දමා
තව තවත් සුවිසල්ව
වැඩෙනයුරු දිස් වුනා
සෙවනදුන් බිම කඩෙහි කටු අකුල් නොවැවුනා
අතු අතර කූඩු වල කුරුලු පැටවුන් නැගූ
කිචි බිචිය පැතුරුනා
නොසැලි උන් එක් මහා වැස්සක
සුලන් කෝඩෙක දැවටිලා
වැහි වලාකුලු රවටලා
තෙත බරිත වී,
හැඩුම් ස්වරයෙන්
පෙමින් ලන්වුනු
පුන්චිත්තෙක්

මහා අරටුව රිදවලා
මහා අරටුව හිල්කලා
හෙමි හෙමින් සාරය උරා
කඳ බදාගෙන පැතිරුනා...

No comments:

Post a Comment