එක පාරටම අසෝකාගේ නහය උඩට වතුර බින්දුවක් වැටුණා.ඇයව තිගැස්සිලා ගියා.ඊයේ වගේම මොර සූරන වැස්සක් අදත් වහියිද කියලා ඇයට හිතුණා.ඊයේ වැස්සට දොරේ ගලපු කුණු කාණුවේ වතුර ගෙයි අස්සක් මුල්ලක් නෑර හොදගෙන ගිය හැටි ඈට තාම මතකයි.දෙයියනේ අදත් එහෙම උනොත්,අසෝකාට හීල්ලුනා.
රත්නපාලත් එක්ක යාළුවුණු මුල් දවස් වල නම් මේ වගේ වහින දවස් එනකම් මග බලාගෙන හිටපු හැටි ඈට මතක් වුණා.එතකොට අසෝකා හිටියේ මේ ගෙදර නෙමෙයි.ඒ ගෙදර තිබුනේ ටවුමට ටිකක් ඈතින්.ඒ කාලේ මන් කොච්චර හැඩද, අසොකාට හිතුනා.අසෝකා පන්ති ගිහින් එන වෙලාවට මගට එන්න රත්නපාල කවදාකවත් වැරද්දුවේ නෑ . අකුලලා ඉරි හිටින්න නමලා පොත් වලට ඉස්සරහින් තියාගෙන එන අසෝකා ගේ මල් මල් කුඩේ අතට අරගෙන හැමදාම ඉහලුවේ රත්නපාලමයි.ඒ කුඩේ ඉහලපුවම එක යටට අසෝකාත් ඇදුනේ ඉබේටමයි.ඒ කුඩේ යට මුළු ලෝකයම තියෙනවා වගෙයි ඇයට දැනුනේ.ඒත් ඒ කුඩේ යට මුළු ලොකෙඅ තියා රත්නපාලවත් හිටියද කියලා දැන්නම් අසෝකාට සැකයි.අම්මටයි තාත්තාටයි හොරෙන් පන්ති ගිය ගමන් අසෝකා රත්නපාලත් එක්ක පැනලා ආවෙත් ඒ කුඩේ යටින්මයි.තාමත් ඒක ඇඳුම් සූට් කේස් එකේ තියෙනවා නේද කියලා අසොකාට මතක් වුණා.දැන්නම් ඒකේ නණත් කැඩිලා.තමන්ගේ ජීවිතෙත් හරියට ඒ කුඩේ වගේ නේද කියලා ඇයට හිතුණා.ඒ කලේ ජිවිතේ ගැන හිතුවේ මොන තරම් බොළඳ විදිහටද කියලා දැන් හිතෙනවා.ජිවිතේ ගැන ලෝකේ ගැන අවබෝධයක් ලැබෙනකොට තමන් පරක්කු වැඩිද කියලත් ඇයට හිතුණා.
රත්නපාල බීමට ඇබ්බැහි උණේ තමන්ට දරුවෝ නැති නිසා කියල රත්නපාලගේ අම්මා හැමදාම බනිනවා.එය කියන්නේ මම වඳ ගෑනියෙක්ලු.එත් පිරිමියාගේ වරදිනුත් ළමයි නැති වෙනවා කියලා දවසක් රේඩියෝ එකේ වැඩසටහනක කිව්වා ඈට මතකයි.කොච්චර බීගෙන ආවත් රත්නපාල නම් කවදාවත් අසොකාට කෑ ගැහුවේ නෑ.අසෝකා තම්බලා තියෙන දෙයක් ගිලලා දාල සද්ද නැතිව බුරු ඇඳ උද වැටිලා ගොර ඇද ඇද බුදියන එක තමා එය කෙරුවේ. ඉඳලා හිටලා දවසක රෑ දෙගොඩහරියේ රත්නපාල අසෝකා ගේ උණුසුම හොයාගෙන ගේ ඇතුලට රින්ගුවාම අරක්කු ගඳ හින්දා පිළිකුලක් ඇතිවුණත් තමන්ගේ මිනිහා නේද කියලා හිතලා අසෝකා ඇස් දෙක පියාගෙන ඔහේ හිටියා.රත්නපාල බිමට වියදම් නොකරනවා නම් තමන්ට දෙයියනේ කියලා අග හිඟයක් නැතිව හොඳින් ජිවත් වෙන්ඩ තිබුනා නේද කියලා හිතෙන කොට නම් අගේ හිතේ පුංචි තරහකුත් ඇති උනා.
නහය උඩට වැටුණු වතුර බින්දුව වේලිලා යනවත් එක්කම තවත් බින්දු දෙක තුනක්ම අසෝකාගේ මුහුණ සිප ගත්තා.අදත් ඊයේ වාගේ වහින්න ඉස්සෙල්ල රෑට මොනවා හරි රත් කරන්න ඕනේ නේද කියලා ඈට මතක් උණා.කිසිම නැවුම් ගතියක් නැතිව ඔහේ ගලාගෙන යන තමන්ගේ ජිවිතේ දැන් මුඩු වෙලා වගේ නේද කියලා ඈට හිතුණා .අනේ ඇත්තට ඉපදුනේ නැතිව හිටියා නම්..! ඉස්සර පන්සලේ ලොකු හාමුදුරුවෝ බණකට කිව්ව කතාවක් ඈට මතක් උණා.ඉපදුනේ නැත්නම් මේ දුක් මොකුත්ම නෑනේ...ඒත් ඒක කරන්නේ කොහොමද ..! එතනින් එහාට ඒ ගැන හිතන්න පුළුවන් කමක් අසොකාට තිබුනේ නෑ.
බින්දුව දෙක වැටිලා පටන් ගත්ත වැස්ස එක පාරටම ගල් ගහන්නා වාගේ ටකරන් වහලේ උඩට කඩා වැටුණා .එත් එක්කම වාගේ රත්නපාලත් වැස්සට යටින් දුව ගෙන ඇවිත් ගෙට ගොඩ උණා.අද නම් රත්නපාලගේ අමුතු ලස්සනක් අසොකාට පෙනුණා.අද එයා බීලා නෑ.අසෝකාගේ මුවඟට පුංචි හිනාවක් ආවා.ඈ ඉඳගෙන උන්නු තැනින් නැගිටලා ගෙට යන්න ඇතුළට හැරුණා
Happy ending. Nice story aruna ayya...
ReplyDeleteIt' s me kumudu
ReplyDeleteලස්සන අවසානයක් ඇති කතාවක් බේස්ලයින් ගුවන් පාලම හැදුව මාර්ග නිර්මාණ හා සංවර්ධන පුද්ගලික සමාගමේ ගිණුම් සහකාරිණියක ලෙස මගේ මුල්ම රැකියාව සමාගම වැසෙන තුරු 1993-2004 වන තුරු පැවතුණා ඔබේ කතාව තාර වැලි සිමෙන්ති සමග ගෙවුණු ඒ සුන්දර කාලයත් මා සමග සෙවය කල සහෘදයිනුත් මතක් කලා
ReplyDelete