Thursday, May 22, 2025

සින්තටික් ප්‍රේමය

 සින්තටික් ප්‍රේමයක 

සංසාර සිහිනයක් 

මී කතුරකට අහු වෙලා 


පෙඟී ගිය ඇස් වලින් 

කැටි ගැසූනු වේදනා 

විලි ලන්න හදනවා 


ගොළු වෙච්චි තොල් පටින් 

නොකියවෙන දිග කතා 

දෑස් මට කියනවා  


වස්සාන සුළඟකට 

ඉකි බින්ද මල් යාය 

වැහි පිරිත් කියනවා 

Friday, October 6, 2023

දැවැන්තයානෙනි ....

 අතු පතර මහා විසල් 

රුකකි නුඹ සෙවන දුන් 

ඒ යටට පොදි ගැහුනු 

අපි සැවොම පොඩි ඉපල්...

 

මහ මේඝ ගර්ජනා 

අකල් වැහි වස්සනා 

වස්සානෙ  මහ කෝඩෙ 

අපි නොතෙමි හිනැහුනා..

 

මග හසර නොම දන්න

පොඩි උන්ට ඔවා දෙන 

එඬේරෙකු විලාසෙන් 

විටක සැර වැර උනා ... 


ඉතින් අද අවසරයි 

සමුගන්න ඉසිඹු දී 

වෙහෙසකර මේ බිමෙන් 

සරතැසට අත වනා ..


දැවැන්තයානෙනි .... 

Friday, June 5, 2020

පුංචි හිනාවක්

තවත් දවසක හැන්දෑව.කොළඹ වටේටම කලුකරගෙන අන්ධකාරය කඩාවැටෙන්න බලාගෙන ඉන්නවා .ඒ අන්ධකාරය කරුවල නිසාද නැත්නම් අනෝරා වැස්සක් නිසාද කියලා නම් හිතාගන්න බෑ.පාරවල්වල මිනිස්සු පොර කකා ගෙවල්වලට යන්න හදද්දී තද බදයට අහුවෙලා වාහන නොඉවසිල්ලෙන් කෑ ගහද්දි දවස පුරා කෑම හෙව්වද නැත්නම් කුණු ඇවිසසුවද කියල හිතාගන්න බැරි කපුටු රංචු බස් නැවතුම්පලේ තියෙන බෝ ගස් වල හදාගත්තු උන්ගේ කුඩු වලට පියාඹනවා.සැරෙන් සැරේ හමන හුළඟ පාරේ තියෙන දුහුවිල්ලත් , කාණු වල කුණු ගඳත් මුහු කරගෙන වේලිලා කරවෙලා තියෙන පරිසරය වටේ හමාගෙන යනවා.බේස් ලයින් පාරේ ගුවන් පාලම හදන්ඩ මහන්සි වෙන මිනිස්සු තාම වැඩ නවත්තලත් නෑ.ඒත් පයිප්පෙ ළඟ ලයිට් කණුවේ කහ පාට මලානික එලිය දැම්මම පත්තු කරලා.උදේ ඉදන්ම මුළු දවසෙම කෑමක් බිමක් ගැනවත් ගානක් නැතිව බෙරිහන් දිගෙන බෝල ගහපු කොල්ලෝ ටික දැන්නම් හතී වැටිලද කොහෙද අකුලාගෙන යන්න හදනවා. හන්දියේ කඩේ පරණ රේඩියෝ එකෙන් ජෝතිපාලගේ සින්දුවක් ඇහෙනවා.ගෙයි දොරකඩ පඩියෙ ඉඳගෙන ඔහේ බලාගෙන හිටපු අසෝකාගේ ඇඟිලි තුඩු සින්දුවේ තාලයට නැටවෙන්න පටන් ගත්තා.දවස පුරාම හමන දුහුවිල්ලෙන් පිරුණු  වේලිච්ච හුලගෙන් වේලිලා තිබුණ අසෝකාගේ හිතට වතුර බින්දුවක් හෙලන්න නම් ඒ සින්දුවේ තාලය පුළුවන් උනාද දන්නේ නෑ .හිතට ඔහී ගලාගෙන එන සිතුවිලි කවදාක නතර වෙයිද කියලා ඇයට හිතුණා.

එක පාරටම අසෝකාගේ නහය උඩට වතුර බින්දුවක් වැටුණා.ඇයව තිගැස්සිලා ගියා.ඊයේ වගේම මොර සූරන වැස්සක් අදත් වහියිද කියලා ඇයට හිතුණා.ඊයේ වැස්සට දොරේ ගලපු කුණු කාණුවේ වතුර ගෙයි අස්සක් මුල්ලක් නෑර හොදගෙන ගිය හැටි ඈට තාම මතකයි.දෙයියනේ අදත් එහෙම උනොත්,අසෝකාට හීල්ලුනා.

රත්නපාලත් එක්ක යාළුවුණු මුල් දවස් වල නම් මේ වගේ වහින දවස් එනකම් මග බලාගෙන හිටපු හැටි ඈට මතක් වුණා.එතකොට අසෝකා හිටියේ මේ ගෙදර නෙමෙයි.ඒ ගෙදර තිබුනේ ටවුමට ටිකක් ඈතින්.ඒ කාලේ මන් කොච්චර හැඩද, අසොකාට හිතුනා.අසෝකා පන්ති ගිහින් එන වෙලාවට මගට එන්න රත්නපාල කවදාකවත් වැරද්දුවේ නෑ . අකුලලා ඉරි හිටින්න නමලා පොත් වලට ඉස්සරහින් තියාගෙන එන අසෝකා ගේ මල් මල් කුඩේ අතට අරගෙන හැමදාම ඉහලුවේ රත්නපාලමයි.ඒ කුඩේ ඉහලපුවම එක යටට අසෝකාත් ඇදුනේ ඉබේටමයි.ඒ කුඩේ යට මුළු ලෝකයම තියෙනවා වගෙයි ඇයට දැනුනේ.ඒත් ඒ කුඩේ යට මුළු ලොකෙඅ තියා රත්නපාලවත් හිටියද කියලා දැන්නම් අසෝකාට සැකයි.අම්මටයි තාත්තාටයි හොරෙන් පන්ති ගිය ගමන් අසෝකා රත්නපාලත් එක්ක පැනලා ආවෙත් ඒ කුඩේ යටින්මයි.තාමත් ඒක ඇඳුම් සූට් කේස්  එකේ තියෙනවා නේද කියලා අසොකාට මතක් වුණා.දැන්නම් ඒකේ නණත් කැඩිලා.තමන්ගේ ජීවිතෙත් හරියට ඒ කුඩේ වගේ නේද කියලා ඇයට හිතුණා.ඒ කලේ ජිවිතේ ගැන හිතුවේ මොන තරම් බොළඳ විදිහටද කියලා දැන් හිතෙනවා.ජිවිතේ ගැන ලෝකේ ගැන අවබෝධයක් ලැබෙනකොට තමන් පරක්කු වැඩිද කියලත් ඇයට හිතුණා.

රත්නපාල බීමට ඇබ්බැහි උණේ තමන්ට දරුවෝ නැති නිසා කියල රත්නපාලගේ අම්මා හැමදාම බනිනවා.එය කියන්නේ මම වඳ ගෑනියෙක්ලු.එත් පිරිමියාගේ වරදිනුත් ළමයි නැති වෙනවා කියලා දවසක් රේඩියෝ එකේ වැඩසටහනක කිව්වා ඈට මතකයි.කොච්චර බීගෙන ආවත් රත්නපාල නම් කවදාවත් අසොකාට කෑ ගැහුවේ නෑ.අසෝකා තම්බලා තියෙන දෙයක් ගිලලා දාල සද්ද නැතිව බුරු ඇඳ උද වැටිලා ගොර ඇද ඇද බුදියන එක තමා එය කෙරුවේ. ඉඳලා හිටලා දවසක රෑ දෙගොඩහරියේ රත්නපාල අසෝකා ගේ උණුසුම හොයාගෙන  ගේ ඇතුලට රින්ගුවාම අරක්කු ගඳ හින්දා පිළිකුලක් ඇතිවුණත් තමන්ගේ මිනිහා නේද කියලා හිතලා අසෝකා ඇස් දෙක පියාගෙන ඔහේ හිටියා.රත්නපාල බිමට වියදම් නොකරනවා නම් තමන්ට දෙයියනේ කියලා අග හිඟයක් නැතිව හොඳින් ජිවත් වෙන්ඩ තිබුනා නේද කියලා හිතෙන කොට නම් අගේ හිතේ පුංචි තරහකුත් ඇති උනා.

නහය උඩට වැටුණු වතුර බින්දුව වේලිලා යනවත් එක්කම තවත් බින්දු දෙක තුනක්ම අසෝකාගේ මුහුණ සිප ගත්තා.අදත් ඊයේ වාගේ වහින්න ඉස්සෙල්ල රෑට මොනවා හරි රත් කරන්න ඕනේ නේද කියලා ඈට මතක් උණා.කිසිම නැවුම් ගතියක් නැතිව ඔහේ ගලාගෙන යන තමන්ගේ ජිවිතේ දැන් මුඩු වෙලා වගේ නේද කියලා ඈට හිතුණා .අනේ ඇත්තට ඉපදුනේ නැතිව හිටියා නම්..! ඉස්සර පන්සලේ ලොකු හාමුදුරුවෝ බණකට කිව්ව කතාවක් ඈට මතක් උණා.ඉපදුනේ නැත්නම් මේ  දුක් මොකුත්ම  නෑනේ...ඒත් ඒක කරන්නේ කොහොමද ..! එතනින් එහාට ඒ ගැන හිතන්න පුළුවන් කමක් අසොකාට තිබුනේ නෑ.

බින්දුව දෙක වැටිලා පටන් ගත්ත වැස්ස එක පාරටම ගල් ගහන්නා වාගේ ටකරන් වහලේ උඩට කඩා වැටුණා .එත් එක්කම වාගේ රත්නපාලත් වැස්සට යටින් දුව ගෙන ඇවිත් ගෙට ගොඩ උණා.අද නම් රත්නපාලගේ අමුතු ලස්සනක් අසොකාට පෙනුණා.අද එයා බීලා  නෑ.අසෝකාගේ මුවඟට පුංචි හිනාවක් ආවා.ඈ  ඉඳගෙන උන්නු තැනින් නැගිටලා ගෙට යන්න ඇතුළට හැරුණා 


Wednesday, May 20, 2020

සුගත් දම්මිලා දන්නෙ නෑ

වලාකුලු මහ වැස්ස ගේන වග 
හොදින් මම නම් දන්නවා..

මහ වැස්සෙ තෙත බරි වෙලා..අකුනු හඩටත් බය වෙලා...කදුලු සයුරේ ගැඹුර බැලුවා..වසන්තේ මල් පිපුනු යුගයක...

නුඹ වැස්සෙ තෙමිලාම නෑ .. තෙතබරිත වී හඩා නෑ....      හදක ගැඹුරක් දන්නෙ නෑ....  සුගත් දම්මිලා දන්නෙ නෑ...

Tuesday, March 10, 2020

ජිවිතේ බරයි වියදම සැරයි

තරු දරුවො 
බොහොයි,
නඩත්තු වියදම්
අහසට උසයි,
ජිවිතේ බරයි වියදම සැරයි
මෙ දවස් වල,
හදත් OT කරයි...



Saturday, February 29, 2020

දන්නා නාදුනන්නී

නාදුනන ගනදුරේ
හදුනනා ඇස් දෙකක් 
දිලිසුනා මොහොතකට 
දන්නා නාදුනන්නී

තනිවුනා මොහොතකට 
කාලයේ වැලිතලාව පහුරු ගා..

ලතැවුනා කදුලු බිදුවක්
හදවතේ අගුපිලේ...

නාදුනන ගනදුරේ 
අලු පාට මීදුමේ
අතර මන් වෙන්න බෑ
දන්නා නාදුනන්නී 




Tuesday, August 29, 2017

අප්‍රිය දෑ සුරතට ගනු කවුරුද....

අන් සතු මල් වල පහස නොපැතුවෙමි...
එකම මලක මුදු පහසම පැතුවෙමි...
එ ආ කලට මල  මුකුලිත වේ නම්...
මේඝ ගර්ජනා වැහි කළු ඒ නම්....
මලට අවැසි සුව ලබනට  ඉඩ දි..
ඉකි බිදිනා හද ලොවට සගවමින්..
ඉවත ඇදෙනු මිස රැදෙනු කුමකටද....
අප්‍රිය දෑ සුරතට ගනු කවුරුද....