අපේ පුතා
උඩින් පාස්
එකසිය හැත්තෑ
හතරයි..,
අනේ අපේ දෝණි
ෆේල්
ලකුණු කියන්නත්
ලැජ්ජයි..,
උදේ ඉදන් හැම
තැනකම
කසු
කුසු ඇහුනා..
අම්මලාගේ
විභාගයේ රිසල්ට්ස් ඇවිල්ලා..
රෝයල් නම්
බැරි වෙයි වගේ
ඩි එස් වත්
සිලෙක්ට් වෙයිද
සතුට පිරුණු
මුණු අතරේ
කදුළු පිරුණු
මුණු අතරේ
අන්දමන්ද හිච්චි එව්වෝ
අතරමන් වෙලා
මලක් පිපෙන
හැටි බලන්න
මිදුලේ දුව
පැන නටන්න
වරම් අහිමි
ළමා වියක
උරුම කරුම
කරගහගෙන
හෙට දිනයට
පෙරුම් පුරන
අපේ පැටවූ...පවු
නේද...!
reminds me the 1st poem you uploaded in a site. like to read more on that What a marvelous thoughts. Good luck and keep blogging :-)
ReplyDeleteMay I know your name please....
Deleteකතා කළ යුතු, කතා කරන, ඵලක් නොවන මාතෘකාවක්.
ReplyDeleteනිර්මාණය බොහොම අගෙයි.. අවසන් පදයෙ හැර අනෙක් හැම තැනකම වගේ රිද්මයක් පවත්වගන්ට සමත් වීම අගය කරනවා..
මේ වර්ඩ් වෙරිෆිකේෂන් එක අයිං කරන්න පුළුවං නං ලොකු උදවුවක් අරුණ.