Thursday, October 24, 2013

අතීතය සිහිනයක් පමණයි

ඔබට මතකද
අපේ පන්තිය
අයින දිගටම
පිපි තිබුණා
ඇහැල මල්....,

කිරිල්ලිය සේ තටු විදා ඔබ
පියාඹා යනු බලාසිටියෙමි
තෙමුණු දෑසින් ගොලුවෙලා,

බමර තුඩකින්
උදා අරුණේ
සිය පතක් මත
විල් තෙරේ හිද
නොලී ගීතය
තාම රැවූ දේ
සවනතේ...
හමු නොවීත් සමු ගන්න බැරි එකයි..,

කදුළුපිරුණා සිනා අතරින්
කෙලි දෙලෙන් ගත වූ යුගේ..
කවුරුවත් ඒ දන්නෙ නෑ
ඒත් ඔබ නොදැනත් නොවේ.
අකුරු කරනට සිත යොමා
නිහඩ කාලය ගත උනා..,

පුංචි පුතු අද වෙලා විජිතය
ඔබ නොදන්නා මගෙ ලොවේ...,

අතීතය සිහිනයක් පමණයි..
සැබෑ සුවදක් නෑ..
මටත් සිතුනා
ලගදී දිනකදී
මගදී ඔබ හමු වුනු වෙලේ...

No comments:

Post a Comment