ගෙවී
ගියේ දශකයකින් අඩයි....,
එදා
නුරාවෙන් මා මත් කල
ඔය
දුඹුරු පාට ඇස්වල
කාන්තිය
මට තාම මතකයි..,
එහෙත්
අද......
මාතෘත්වයේ
දයාව
ස්නේහයේ
සිසිලස
ඔය
නෙත් වල
දොරේ
ගලා යයි....,
මම
අතරමන් වෙලා
යථාර්තයයි
මතකයයි අතරේ.......
දැං කාන්තිය නැතෙයි?
ReplyDeleteඔය කතාව මං නිර්මාණ ඇසුරෙන් නං කිහිප විටක් දැකලා තියෙනවා.. රූං පෙත්ත කැරකෙනවා ගීතයෙත් අනුභූතිය ඕකමනෙ.. ප්රායෝගිකව ඔය වෙනස වෙනවද කියන එක සහ.. ඒ වෙන්නෙ මොන සාධක මතින් ද කියන එක හිතන්න ඕන කාරණාවක්..
සමස්ථයක් ලෙස මේ නිර්මාණයට මං කැමතියි.. සුබ පැතුම් අරුණ..
ඔබේ ප්රතිචාරය ඉහලින්ම අගයමි. ඔබට තුති,
ReplyDelete