Thursday, July 14, 2016

උදුම්බරා

සමුදෙන්නට නෙතේ බැලුම්වල
අක්මුල් සොය සොයා
ගලවන්නට තැත් දැරුවෙමි
කොරොස කටුත් සොය සොයා
සැගවෙන්නට තැන් සෙව්වෙමි
සිතේ අදුරු තැන් සොයා
මලකෙලියකි ගුටිකෙලියකි
කොහි යන්නද දැන් මෙමා

රන් දුනුකේ මලවාගේ
සුවද පාට රොන් දරා
කැලෑ පාලු වනරකුසන්
නෙතග සෙමින් මත් කලා
කෛරටික කොද කැකුලක
මකරන්දෙට රැවටිලා
ගගක ජලය හොර රහසෙම
මහ දුර ගමනක් ගියා

සදු හැන්ගුන හිරු හැන්ගුන
අමාවකට කල් බලා
කඩුපුල් මල රෑ දොලහට
දෙනෙත් විදා පිබිදුනා
නිදි වර්ජිත නෙතු අද්දර
සුවද  කොකුම් තවරලා
සිදන්ගනා වෙස් දැරුවට
මට නම් නුඹ උදුම්බරා

Wednesday, July 13, 2016

ප්‍රෙම සලරුව

නීල අහස අදුරු උනා
මහ වැහි කලුවක් ඇදුනා
හෙන ගෙඩි දස අත පුපුරා
මොර ගෙඩ් වගෙ වැසි වැටුනා

හද පතුලෙන් මේරුවාට
පරම පවිත්‍රයි කීවට
කලුකුමාර ප්‍රේම දිශ්ටි
කවදද කෙලෙසුන් දිනුවේ

සැලමුතු පෙම කල් බැලුවා
රහසෙම සලරුව හැදුනා
අතින් අතට තුඩින් තුඩට
මහ වේගෙන් ඉගිල්ලුනා

Tuesday, July 12, 2016

කවුලු දොරින්

සිතිජ ඉමේ හිරු හැන්ගෙන
අහසම රතු හැන්දෑවේ,
සැදෑ අදුර ගලා හැලෙන
පාලු නිසන්සල යාමේ,
යන එන මග පාර කියන
කවුලු දොරින් මලක් පිපී
සුවද ගලනවා....

මන මත්වන ඒ සුවදේ
හදේ බමරු  බමා බමා
පහස සොයනවා..
සරතැස නිවා දමනවා...

ඈත ඈත අනන්තයක
පෙන කැටියක සැන්ගී ආ
සුරන්ගනාවක් ලස්සන
කතා කියනවා..
සරතැස නිවා දමනවා..

Tuesday, June 28, 2016

කතරක් වූ කෙම්බිමක්

සීතලට ගලා ගිය දොල පාර
වේලිලා,
සෙවන දුන් අතු පතර කටු
ඉපල්ලක් වෙලා,
කුරුල්ලෝ ගිහිල්ලා මාලුවෝ
මියදිලා
සැඩ පරුශ හිරු රැසින් පොලොව
කර්කශ වෙලා...
මුව නැගුනු මදහසට යටින් බිය
ගොනු වෙලා
කෙලි කවට කම් ගොලුව කොහේදෝ
හැන්ගිලා
හෙට දිනක පැතුම් නැති දිග දවස් 
ගෙව ගෙවා
එදා කෙම්බිමක් වූ තැනක් කතරක්
වෙලා...

Tuesday, January 26, 2016

කුරුළු පෙම

හැමදාම දකිමි,
මම හොරෙන් බලමි,
ඔබෙන් තරම් ආදරයක්,
උතුරා යනු නොම දුටුවෙමි,
දෙනෙත් තුලින්...,
ඔහු තුරුලෙදි ...,