Thursday, July 14, 2016

උදුම්බරා

සමුදෙන්නට නෙතේ බැලුම්වල
අක්මුල් සොය සොයා
ගලවන්නට තැත් දැරුවෙමි
කොරොස කටුත් සොය සොයා
සැගවෙන්නට තැන් සෙව්වෙමි
සිතේ අදුරු තැන් සොයා
මලකෙලියකි ගුටිකෙලියකි
කොහි යන්නද දැන් මෙමා

රන් දුනුකේ මලවාගේ
සුවද පාට රොන් දරා
කැලෑ පාලු වනරකුසන්
නෙතග සෙමින් මත් කලා
කෛරටික කොද කැකුලක
මකරන්දෙට රැවටිලා
ගගක ජලය හොර රහසෙම
මහ දුර ගමනක් ගියා

සදු හැන්ගුන හිරු හැන්ගුන
අමාවකට කල් බලා
කඩුපුල් මල රෑ දොලහට
දෙනෙත් විදා පිබිදුනා
නිදි වර්ජිත නෙතු අද්දර
සුවද  කොකුම් තවරලා
සිදන්ගනා වෙස් දැරුවට
මට නම් නුඹ උදුම්බරා

No comments:

Post a Comment