සිතිජ ඉමේ හිරු හැන්ගෙන
අහසම රතු හැන්දෑවේ,
සැදෑ අදුර ගලා හැලෙන
පාලු නිසන්සල යාමේ,
යන එන මග පාර කියන
කවුලු දොරින් මලක් පිපී
සුවද ගලනවා....
මන මත්වන ඒ සුවදේ
හදේ බමරු බමා බමා
පහස සොයනවා..
සරතැස නිවා දමනවා...
ඈත ඈත අනන්තයක
පෙන කැටියක සැන්ගී ආ
සුරන්ගනාවක් ලස්සන
කතා කියනවා..
සරතැස නිවා දමනවා..
No comments:
Post a Comment