Tuesday, August 29, 2017

අප්‍රිය දෑ සුරතට ගනු කවුරුද....

අන් සතු මල් වල පහස නොපැතුවෙමි...
එකම මලක මුදු පහසම පැතුවෙමි...
එ ආ කලට මල  මුකුලිත වේ නම්...
මේඝ ගර්ජනා වැහි කළු ඒ නම්....
මලට අවැසි සුව ලබනට  ඉඩ දි..
ඉකි බිදිනා හද ලොවට සගවමින්..
ඉවත ඇදෙනු මිස රැදෙනු කුමකටද....
අප්‍රිය දෑ සුරතට ගනු කවුරුද....


Thursday, August 17, 2017

ආදරේ ....

උමතු දෑසේ සැලෙන ලවනේ
සෙවූ මුත් ඔබේ ආදරේ
ලෙලෙන සයුරේ
රැළි වගේමයි
ඔබෙන් ලද ඒ ආදරේ ...
මටත් හිමි නැති ....
හිමි කෙනෙක් නැති..
සසර සයුරේ ඔහේ ඇදෙනා
ඉසිඹුවක ලද ආදරේ ....
ඉසිඹුවක ලද ආදරේ ....


Wednesday, May 31, 2017

ණඩුකාර කදු නාය

එක බිමක ඉපදුනා..
එකට ඇති දැඩි උනා..
බෙදා ගන්නට එබිම
ඉනි වැටට පැටලුනා
අඩ දබර ඇති උනා
නිතර ලේ රත් උනා
එකෙක් මියැදෙන්න පෙර
ණඩු මගට පිවිසුනා

පැමිනිල්ල මේ ගෙදර
විත්තිකරු අර ගෙදර
ඉල්ලමක් පෑදුවා
කලු ලෝගු කරුවනට
විසදුමක් පෙනුනෙ නෑ
ඇස බැදපු නීතියට
ණඩුකාර උන්නැහෙත්
නිතර කැසුවා නිකට

ණඩු ඉඩම කදු යාය
දෙකම තිබුනේ එකට
මහ වැස්ස ඇති රෑක
ගැලවුනා පස් කන්ද

අර ගෙදර මේ ගෙදර
ණඩු ඉඩම මොකුත් නෑ
ගැල්විච්ච් පස් එක්ක
ආපු තඩ් ගලක් යට
පැමිනිකල්ල හා එක්ව
විත්තියද සැගවුනා
සදහටම...

ණඩුකාර කදු නාය
විසදුවා ණඩු හබය...

Wednesday, May 17, 2017

දිනක වැඩ කප්පරකි







දිනක වැඩ කප්පරකි
කය වෙහෙස අපමනකි
සරතැසට නිවනක් සොයාගෙන
හනි හනික නිවසට දුවන්නෙමි

පාසලෙන් පන්තියට
ඒවයේ ගෙදර වැඩ
වෙහෙස උණු පුතණුවෝ
ඉසිඹුවක් රිසි නිසා
විගස නිවසට දුවයි

කන්තෝරු කිස නිමවලා
මග පොලෙන් අඩු වැඩි සොයා
බස් එකෙත් තෙරපුණු දයා
අනේ නිවසට ගොඩවුණා

සරතැසට නිවනක් සොයන නෙත් මත
වෙහෙසකට ඉසිඹුව සොයන නෙත් මත
සුදුමැලිව ගිය තොල් විදා

මිලින මල විකසිත වුනා ………….