දිනක වැඩ කප්පරකි
කය වෙහෙස අපමනකි
සරතැසට නිවනක් සොයාගෙන
හනි හනික නිවසට දුවන්නෙමි
පාසලෙන් පන්තියට
ඒවයේ ගෙදර වැඩ
වෙහෙස උණු පුතණුවෝ
ඉසිඹුවක් රිසි නිසා
විගස නිවසට දුවයි
කන්තෝරු කිස නිමවලා
මග පොලෙන් අඩු වැඩි සොයා
බස් එකෙත් තෙරපුණු දයා
අනේ නිවසට ගොඩවුණා
සරතැසට නිවනක් සොයන නෙත් මත
වෙහෙසකට ඉසිඹුව සොයන නෙත් මත
සුදුමැලිව ගිය තොල් විදා
මිලින මල විකසිත වුනා ………….

No comments:
Post a Comment