එක බිමක ඉපදුනා..
එකට ඇති දැඩි උනා..
බෙදා ගන්නට එබිම
ඉනි වැටට පැටලුනා
අඩ දබර ඇති උනා
නිතර ලේ රත් උනා
එකෙක් මියැදෙන්න පෙර
ණඩු මගට පිවිසුනා
පැමිනිල්ල මේ ගෙදර
විත්තිකරු අර ගෙදර
ඉල්ලමක් පෑදුවා
කලු ලෝගු කරුවනට
විසදුමක් පෙනුනෙ නෑ
ඇස බැදපු නීතියට
ණඩුකාර උන්නැහෙත්
නිතර කැසුවා නිකට
ණඩු ඉඩම කදු යාය
දෙකම තිබුනේ එකට
මහ වැස්ස ඇති රෑක
ගැලවුනා පස් කන්ද
අර ගෙදර මේ ගෙදර
ණඩු ඉඩම මොකුත් නෑ
ගැල්විච්ච් පස් එක්ක
ආපු තඩ් ගලක් යට
පැමිනිකල්ල හා එක්ව
විත්තියද සැගවුනා
සදහටම...
ණඩුකාර කදු නාය
විසදුවා ණඩු හබය...
No comments:
Post a Comment